Gossips

පරාක්‍රම සමුද්‍රයේ කැළි කසළ ගැටලුවට වහාම පියවර ගන්න

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූවට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
එමෙන්ම මෙම කැළිකසළ ගැටලූව විසදීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇතිබවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ජනාධිපතිවරයා නිලධාරින්ට නියෝග කර ඇති අතර මේ පිළිබඳව තමන් නිරන්තර පසුවිපරමක් සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට පවසා තිබෙනවා.