Gossips

ඩොලර් මිලියන 700ක බැඳුම්කර නිකුතුව උතුරා යයි

ශ්‍රී ලංකා මහබැංකුව මගින් ඉදිරිපත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 700ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව උතුරා ගොස් තිබෙනවා.
ඒ සඳහා ඩොලර් මිලියන 937ක ඇණවුම් ලැබී ඇති අතර, ඉතිරිය මහබැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මෙහිදී වසර 2යි මාස 10කින්, වසර 3යි මාස 10කින් කල් පිරෙන බැඳුම්කර සඳහා සියයට 5.25ක ස්ථාවර පොලී අනුපාතයක් හිමි වනු ඇති.
මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව පසුගිය 19 වන දා සිට අද දක්වා විවෘතව පැවති අතර. පියවීම් ජුලි 2 වන දා සම්පූර්ණ කළ යුතුයි.