Gossips

ණය බර ටි‍්‍රලියන 11යි වැටුප පරිත්‍යාග කළ නොහැකියි – රෝහිත

වර්තමානය වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 11.5 දක්වා ඉහළ ගොස් ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කළ ද අධික ජීවන වියදම හමුවේ තමාට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
සේවක අර්ථ සාථක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුත්තට වත්මන් ආණ්ඩුව නිරත වී සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරනවා.
එහි සභාපති වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.