Gossips

ජනපති අපේක්ෂකයා වුවොත්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්න ගෝඨාභය සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම්දීමක් සිදුකළහොත් මාස දෙකක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ වීරකැටිය – ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදියි.
එහිදී ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පසුගිය දා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.