Gossips

නීතිවිරෝධී සංක්‍රමණිකයන් නඩු නොමැතිව පිටමං කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

ඇමරිකානු දේශසීමා උල්ලංගණය කර ඊට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිමය ක්‍රියාවලියකට ලක් නොකර වහා පිටමං කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් මගින් ඔහු ප්‍රකාශ කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව ආක්‍රමණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම එය නීත්‍යානුකූල මාර්ගයෙන් ඇමරිකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශිකයන්ට අසාධාරණයක් බව ද ජනපති ට්‍රම්ප් කියා සිටියා.