Gossips

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර – රාජිත

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ මේ වනවිට දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබදව කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ නවීන වෙළෙදපොලට සරිලන පරිදි මේ නව නිෂ්පාදන නිපදවීම ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වැටලීම අඛණ්ඩව සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.