Gossips

පිල්ලෙයාන් නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුවේ උපවාසයක්

වසර 3ක පමණ කාලයක් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රරකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (25) මඩකලපුවේදී උපවාසය ආරම්භ කර තිබෙනවා.
ඒ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් විසින්.
මේ උපවාසයට ටි.එම්.වි.පී පක්ෂයේ ලේකම් ඇතුළු පක්ෂ ප්‍රධානින් කිහිප දෙනෙකු එක්ව සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
2005 වසරේදී මඩකලපුව ශුද්ධවු මරියා දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.