Gossips

හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුව කල් යයි

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩු විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් දමා තිබෙනවා.
ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අතර, අද දිනයේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය ද සාක්ෂි ලබා දුන්නා.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ අදාළ වාහනය නෙදර්ලන්ත රජයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබූ බවයි.
එම වාහනය සහ තවත් වාහන 3ක් එවකට අමාත්‍යවරයාගේ පරිහරණය සඳහා ලබාදුන් බවත්, එක් වාහනයක් යළි නොලැබුණු බවත්, ඇය සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.