Gossips

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වරෙන්තු

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අද දිනයේදී පෙනී නොසිටීම හේතුවෙන්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දරන සමයේ රුපියල් ලක්ෂ 80ක වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
එම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අතර ඊට පෙනී නොසිටීම හේතුවෙනුයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.