Gossips

ජනපතිවරණය ජය ගත් තුර්කි ජනපති අර්ඩවාන්, දැඩි පාලනයකට සැරසේ

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ තුර්කි ජනපති රෙසෙප් තායිප් අර්ඩවාන් අගමැති ධුරය අහෝසි කරමින් තමා වෙත පැවරෙන විධායක බලතල උපයෝගී කර ගනිමින් දැඩි පාලනයකට යොමුවනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
වසර 11ක් අගමැති ධුරය හොබවා 2014 වසරේ ප්‍රථම වරට ජනපති ධුරයට පත් අර්ඩවාන්ගේ නව ධුර කාලය 2023 දක්වා දිවෙන අතර, තුන්වැනි වරට ද ජයග්‍රහණය කළහොත් ඔහුගේ පාලනය වසර 2028 දක්වා පවතිනු ඇති.
අර්ඩවාන්ගේ ජයග්‍රහණයට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ ඉරාන ජනපති රවුහානි ද සුබ පතා ඇති අතර, විරුද්ධවාදීන් එක්ලක්ෂ 60,000ක් සිරගත කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් ඔහු පිළිබදව පසුවන්නේ නොසතුටින්.