Gossips

අභිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ සිරුරක් හමුවේ

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ගසක එල්ලෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
16 හැවිරිදි සිසුවියකගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිසුවියගේ නිවස පිටුපස ගසක් එල්ලෙමින් තිබියදී ඇයගේ සිරුර හමුව ඇති බව සඳහන්.
සොයාගත් මළ සිරුර ඔඩ්ඩුසුඩාන් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා එම සිරුර මුලතිව් රෝහල වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිසුවිය ගෙළ වැලලාගෙන සියදිවි හනිකරගත්තා ද නැතිනම් මෙය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.