Gossips

බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල විදුහලක සිසුන් 5 ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල – හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අද උදෑසන රෝහල් ගත කර තිබෙනවා.
විද්‍යාල පරිශ්‍රයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය කියා සිටියේ.
තුවාල ලැබූවන් වලස්මුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බඹර ප්‍රහාරයෙන් පසු පාසල තාවකාලිකව වසා දමා තිබෙනවා.