Gossips

පැය තුනකට පසු හිටපු ආරක්ෂක ලේකම් FCIDයෙන් පිටව යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා.
අද උදෑසන 9ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ තංගල්ල – වීරකැටිය – ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
කෙසේ වෙතත් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පෙරවරු 11යි 45ට පමණ හිටපු ආරක්ෂක ලේකම්වරයා එම කොට්ඨාශයෙන් නික්ම ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
තංගල්ල – වීරකැටිය – ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාලව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 14 වනදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබුණා.
එමෙන්ම මෙම සිද්ධියේදී පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.