Gossips

අඩි 100 විරෝධතාකරුවන් හම්බන්තොට උද්ඝෝෂණයක

හම්බන්තොට අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපල අහිමි වී වන්දි නොලැබුණු පිරිසක් මේ වනවිට හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල තුළට ඇතුලූවී මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමද අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, විරෝධතාකරුවන් පස්දෙනෙකුට ඔවුන් සමඟ සාකච්ඡාවක් ලබාදී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
වන්දි නොලැබුණු පිරිසක් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසයද අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් තම ගැටළුවට කඩිනම් විසඳුමක් ලැබෙන තුරු හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත් නොවන බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.