Gossips

තුර්කියට ඇතුලූවීමට උත්සාහ කළ ලාංකිකයන් 8 ක් අල්ලයි

ජෝර්ජියාව හරහා තුර්කියට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් අටදෙනෙකු ජෝර්ජියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුර්කි – ජෝර්ජියා දේශසීමාවට අයත් අජාරා ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශිකයෙකු මෙලෙස දේශසීමා උල්ලංඝනය කළහොත් ජෝර්ජියාවේ අපරාධ නීතියට අනුව වසර 5 ක සිර දඩුවමක් නියම වනවා.
2016 වසරේදී මෙලෙස නීතිවිරෝධීව තුර්කියට ඇතුලූවීමේ සිද්ධීන් 38 ක් වාර්තාවී ඇති අතර, 2015 වසරේ එවැනි සිද්ධීන් 55 ක් සිදුව ඇති බවයි ජෝර්ජියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.