Gossips

නාඳුනන පුද්ගල මළ සිරුරක් කැළණි ගඟෙන් ගොඩ ගනී

පෑලියගොඩ, ඔලියමුල්ල ප්‍රදේශයේදී කැළණි ගඟේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් ඊයේ (24) සොයාගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙලෙස මියගොස් ඇති තැනැත්තා වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.