Gossips

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, හෙට සලකුණ වැඩසටහනට

පසුගිය දින කිහිපය තුළ රට තුළ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ සිදුවීමක් වුණේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සිර දඬුවමක් නියම වීමයි.
එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ ඥාණසාර හිමියන් පසුගිය 22 වනදා ඇප මත නිදහස් කෙරුණු අතර උන් වහන්සේ හෙට (25) දිනයේදී මේ සියලු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට හිරු ටී.වී ඔස්සේ විකාශය වන '' සලකුණ '' වැඩසටහන සමඟින් එක්වීමට නියමිතයි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහභාගි වන '' සලකුණ '' වැඩසටහන හෙට (25) රාත්‍රි 10.30 ට හිරු ටී.වී තුළින් බලාපොරොත්තු වන්න.