Gossips

දේවාලයක පිං කැටයක් කැඩූ පුද්ගලයෙකු අත්අඩංගුවට

මාදම්පේ – මැදගම ප්‍රදේශයේ දේවාලයක පිං කැටයක් කඩා මුදල් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්වාගෙන පොලීසියට භාරදීමේ පුවතක් වාර්තාවුණා.
ඊයේ රාත්‍රියේ එම දේවාලයට පැමිණි පුද්ගලයෙකු එහි පිං කැටය ඇති කුටියේ දොර විවෘතව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
එහිදී සැකකරු පිං කැටයෙන් මුදල් ගනිමින් සිට ඇති අතර, ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ඔහු මාදම්පේ පොලීසියට භාරදී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මීට පෙරද මෙම පුද්ගලයා අදාළ දේවාලයේ පිං කැටයෙන් මුදල් සොරකම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඔහු අද හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.