Gossips

ඉරානයට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

තමන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවද ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට උත්සාහ කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට ඇමරිකාව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහනට ලෝකයෙන්ම විරුද්ධත්වය පළ වන බවයි.
ජාත්‍යන්තරය සමඟ පවතින ගිවිසුම කුමක් වුවත් ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට උත්සාහ නොකළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.