Gossips

කොදෙව් පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 132යි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බ්‍රිජ්ටවුන් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන කොදෙව් පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනූ කොදෙව් පිල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසු ඔවුන්ගේ පළමු කඩුලූ 3 ලකුණු 8 කටද හතරවැන්න 24 දී සහ පස්වැන්න 53 දී බිඳ වැටුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන සුරංග ලක්මාල් ලකුණු 42 කට කඩුලූ 2 ක් බිඳ හෙලූ අතර, කසුන් රාජිත ලකුණු 36 කට කඩුලූ 2 ක් බිඳ හෙලූවා.
ළහිරු කුමාර ලකුණු 40 කට කඩුලූ 1 යි.
ෂේන් ඩෝවිච් කොදෙව් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 60 ක් රැස් කරගෙන සිටින අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 33 ක් රැස් කරගෙන සිටිනවා.
ඔවුන් දෙදෙනා නොදැවුණු 6 වන කඩුල්ල සඳහා මේ වනවිට රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 79 ක්.
කොදෙව් දිවයින් හි පැවැත්වෙන ප්‍රථම දිවා – රාත්‍රි තරගය වන මෙහි පළමු දිනයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර දිනය තුළ යැවීමට හැකිවූයේ පන්දු වාර 46 යි පන්දු 3 ක් පමණයි.