Gossips

සෞදි කාන්තාවන් මැදියම් රැයේ වීථි බසී

සෞදි රජයේ කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඊයේ සිට ඉවත් කිරීමත් සමඟ ඉරිදා රාත්‍රියේ කාන්තාවන් රැසක් එරට ප්‍රධාන නගරවල වීථිවලට පිවිසි බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙලෙස මෝටර් රථ පදවමින් තමන්ට ලැබුණු නව නිදහස සැමරූ අය අතර, සෞදි රජ පවුලේ සාමාජිකාවන්ද සිටි බව සඳහන්.
මෙම පියවර ගෙන ඇත්තේ සෞදි පරිපාලනයේ විප්ලවකාරී වෙනස්කම් රැසක් සිදුකර ඇති මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකින්.
ඔහු සෞදි අරාබිය නවීකරණය කිරීමේ පියවර රැසක් ගෙන ඇති අතර, වසර 2020 වනවිට සෞදි කාන්තාවන් මිලියන 3 කට පමණ රිය පැදවීමේ බලපත්‍ර හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.