Gossips

අනුරාධපුර පාසල් 6 ක් වැසේ

පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට අනුරාධපුරය – මිහින්තලේ සහ තන්තිරිමලේ යන පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි පාසල් හයක් හෙට සිට ලබන 29 වනදා දක්වා වසා දැමීමට උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහාබෝධිය විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් තාවකාලිකව වසා දැමෙනු ඇති.
එමෙන්ම පොසොන් උත්සව සමයේ ඇතිවිය හැකි ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ලබන 28 සහ 29 යන දෙදින තුළ එම පූජා භූමිය ආශ්‍රිතව පිහිටි තවත් පාසල් 7 ක් වසා දැමීමට ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මෙලෙස වසා තැබෙන පාසල්වලට ලබාදෙන නිවාඩු දින ගණන වෙනුවෙන් සෙනසුරාදා දිනවල පන්ති පැවැත්වීමට එම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.