Gossips

තුර්කි මහ මැතිවරණය අදයි

ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
මෙහිදී ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය එක්වර පැවැත්වීම විශේෂත්වයක්.
ජනාධිපති අර්ඩවාන් ජයග්‍රහණය කළහොත් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සීමා කෙරෙන නව නීති සම්මත කරගනු ඇති බවට විපක්ෂය චෝදනා නගනවා.
2016 වසරේ අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තුර්කියේ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මකයි.
තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද ජනාධිපති අර්ඩවාන් විසින් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළා.