Gossips

තැපැල් වර්ජකයින් අද මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් හමුවට

තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද දිනයේදී මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුවටම අනන්‍යවු සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට දින 14 ක් ගතවනවා.
තම ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදී කල්මරමින් සිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.
පසුගිය 11 වනදා මෙම වැඩ වර්ජනය ආරම්භ වූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීය සමිති අතර අවස්ථා කිහිපයකදීම පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා.