Gossips

පුරාවිද්‍යා පනත වෙනසකට

පුරාවිද්‍යා පනත වර්තමානයට සුදුසු ආකාරයට සංශෝධනය කළ යුතු බව විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු මෙන්ම කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
අස්ගිරි මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඊට අදාළව සංශෝධන සිදුකිරීම සඳහා ඉදිරියේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම සඳහා මල්වතු – අස්ගිරි පාර්ශවවල එකඟතාව ලැබී ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.