Gossips

තැපෑල යළි මහ පාරට

ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රධාන වෘත්තීය සමිති රැසක ද සහභාගිත්වයෙන් ලබන සදුදා කොළඹදී විරෝධතාවක් සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඔවුන් මේ වනවිටත් අඛණ්ඩ උපවාසයක නිරත වී සිටින අතර, එම ස්ථානයට අද පෙරවරුවේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල් කාන්ත ද පැමිණ සහය දැක්වුවා.
මේ අතර, ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසදුම් ලැබෙනතුරු වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි උපවාසය අතරතුර අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.