Gossips

තුර්කි හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 47 ක් අත්අඩංගුවට

මීට වසර දෙකකට පෙර තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 47 දෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමරිකාවේ වාසය කරන ප්‍රකට ඉස්ලාම් දේශකයෙකු වන ෆෙතුල්ලා ගුලන්ගේ අනුගාමිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුර්කියේ මහමැතිවරණය සහ ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබීම විශේෂත්වයක්.