Gossips

තැපැල් වර්ජනය අධිකරණයටත් බලපාන ලකුණු

තැපැල් සේවකයින්ගේ වර්ජනයට විසඳුම් ලබාදී ඇති බව තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් අද 13 වන දිනටත් වර්ජනයේ නිතර වනවා.
ඔවුන් මධ්‍යම තැපැල් හුවමාරුව අසළ උපවාසයක නිරත වන අතර අද (23) එම ස්ථානයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ද පැමිණියා.
මේ අතර, මෙම වර්ජනයෙන් අධිකරණ කටයුතුවලට ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දිය හැකි විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.