Gossips

සූරියවැව අඩි 100යේ උපවාසය තවමත්

සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවී වන්දි නොලැබුණු බවට චෝදනා කරමින් ගම්වාසීන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන එම උපවාසය සඳහා මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු එක්ව සිටිනවා.
තම ඉල්ලීමට විසඳුම් නොලැබීම හේතුවෙන් ගම්වාසීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය බදාදා විරෝධතාවක් ද සිදුකළා.
එහිදී බලධාරීන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ බව ගම්වාසීන් ප්‍රකාශ කළා.