Gossips

කොරියානු නායකයන්ට පුටින්ගෙන් ආරාධනා

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කර තිබෙනවා.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ – ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ලබන සැප්තැම්බර් 11 වන දා සිට මෙලෙස කොරියානු ආර්ථික සමුළුව රුසියානු ඈත පෙරදිග ව්ලැදිවොස්ටොක් නුවර පැවැත්වීමට නියමිතයි.
මෙම සමුළුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට මෙන්ම චීන සහ ජපාන නායකයන්ට ද ඇරයුම් කර ඇති බව සඳහන්.