Gossips

සංක්‍රමණික කඳවුරු තැනීමට ඇමරිකානු නාවික හමුදාවෙන් සැලසුම්

ජනපති ට්‍රම්ප් විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟ, එලෙස අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී සංක්‍රමණිකයන් රදවා තැබීම සඳහා, විශාල කදවුරු සකස් කිරීමට ඇමරිකානු නාවික හමුදාව සැලසුම් කර ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කළා.
අත්හැර දමනු ලැබූ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු ආශ්‍රිතව ඉදිකරන මෙම සංක්‍රමණික කදවුරුවල නීතිවිරෝධී සංක්‍රමණිකයින් එක්ලක්ෂ 20,000ක් පමණ රැදවිය හැකි බව සඳහන්.
විශේෂයෙන් මෙක්සිකෝ දේශසීමාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් මැඩලීමට ට්‍රම්ප් පරිපාලනය විසින් දැඩි පියවර ගෙන ඇති අතර, එහිදී සංක්‍රමණික ළමයි සිය දෙමාපියන්ගෙන් වෙන් කිරීමට එරෙහිව දැඩි විරෝධයක් ද පැන නැගී තිබෙනවා.