Gossips

රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු රේගු දැලේ පැටලෙයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ අද (23) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි මෙම පුද්ගලයා සිය පාවහන් තුළ සඟවා මෙම රන් මාල රැගෙන විත් ඇති බවයි.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 22කට අධික වන අතර සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල