Gossips

තැපැල් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ හමුවෙයි

තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් තැපැල් සේවකයින් අද 13 වන දිනටත් වර්ජනයේ නිරත වනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් හමුවී මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි.
පසුගිය 11 වන දා මෙම වැඩ වර්ජනය ආරම්භ වූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීය සමිති අතර අවස්ථා කිහිපයකදීම පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වුණා.