Gossips

නිධන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු කොබෙයිගනේදී අත්අඩංගුවට

කුරුණෑගල – කොබෙයිගනේ ප්‍රදේශයේ දී, නිධන් ඇති ස්ථාන පරීක්ෂා කිරීමට භාවිත කරන අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඇමරිකාවේ නිෂ්පාදිත මෙම ස්කෑනර් යන්ත්‍රය පොළොව අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට ද භාවිතා කරනු ලබනවා.
29 හැවිරිදි සැකකරු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (23) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.