Gossips

මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 62ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව මධ්‍යහ්න 12ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක පවතින බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද (10) උදෑසන කාලය තුළ මැතිවරණ නීතිරීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 62ක් වාර්තා වී ඇති බවයි.