Gossips

ඇමති සාගලට මුලටියනේ දී විරෝධතාවක්

මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ අද පැවැති සම්බන්ධීකරණ රැස්වීමට සහභාගි වූ අමාත්‍ය සාගල රත්නායකට සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ යොමු කළ පැණයකට අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු ලබාදීමත් සමඟයි.
එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, රැස්වීම අවසන් වීමෙන් පසු එම ස්ථානයෙන් පිටත්ව යන තුරුත් ඔවුන් අමාත්‍ය සාගල රත්නායකට විරෝධය පළ කළා.