Gossips

ඉන්දීය ධීවරයන් 113කට කඩිනමින් නිදහස

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 113 දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළ දී නිදහස හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
තමිල්නාඩු ධීවර සංගම් උපුටා දක්වමින් ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඒ සඳහා ලක් රජය අදාළ පියවර ගනිමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනෙන ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා පිළිබදව රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් කිහිප විටක්ම ඉල්ලීම් සිදුකරන තිබුණා.
පසුගිය දෙසැම්බරයේදී ද ශ්‍රී ලංකාව මෙලෙස රඳවාගෙන සිටි ඉන්දීය ධීවරයන් 89 දෙනෙකු මුදා හරිනු ලැබුවා.
පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීමෙන් පසු ඉන්දීය ධීවරයන් 109 දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ දී නිදහස් කරනු ඇති බවයි.
එමෙන්ම අත්අඩංගුවේ පසුවන ධීවරයෙකුගේ පුත්‍රයෙකු අභාවයට පත්වීම නිසා ඔහු මෙන්ම ඔහු සමග රඳවා සිටින තවත් ධීවරයන් 3 දෙනෙකුට නිදහස ලබාදෙන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.