Gossips

මාතර කොල්ලයට පැමිණි තුන්දෙනෙකු කරාපිටිය රෝහලේදී අත්අඩංගුවට

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට යාමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ තුවාල ලැබූවන් පිරිස අතර කොස්ගොඩ තාරකගේ සහෝදරයෙකු වන මහේෂ් නැමැත්තා ද සිටින බවයි.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා ද පොලීසිය මාතර නගරයේ කළ සෝදිසියකදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.