Gossips

තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සැරසෙයි

තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් 12 වන දිනටත් තැපැල් සේවකයින් සේවකයින් අද (22) දිනයේදීත් වර්ජනයේ නිරත වනවා.
ඊයේ දිනයේදීත් අමාත්‍යවරයා සහ තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූ අතර එය ද විසඳුමකින් තොරව අවසන් වූ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර, තැපැල් වෘත්තීය සමිති සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති අද සියලූ දේශපාලන පක්ෂ හමුවී දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.
දේශපාලන පක්ෂ මූලස්ථාන වෙත ගොස් එම පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.