Gossips

Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
Update : Friday, June 22, 2018 12.25
——————————————-
මාතර නගරයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර අදාල වෙඩි තැබීම සඳහා කොල්ලකරුවන් පැමිණි යතුරු පැදි දෙකක් සහ ස්වයංක්‍රීය ගිණි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Update : Friday, June 22, 2018 11.55
——————————————-
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර මීට ටික වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඉන් පොලිස් නිලධාරින් 3 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුවයි පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත්තේ.
කොල්ලකරුවන් අතරින් එක් අයෙකුටද වෙඩි තැබීම හේතුවෙන් තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
කොල්ලකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.