Gossips

අඩි 100 විරෝධතාකරුවන් මාරාන්තික උපවාසයකට

සූරියවැව අඩි සියයේ මාර්ගය ඉදිකිරීමේදී වන්දි නොලැබුණු විරෝධතාකරුවන් අද (22) පස්වරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට නියමිතයි.
දින 3 ක් තිස්සේ ඔවුන් වන්දි ඉල්ලා විරෝධතාවයේ නිරත වන්නේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.
විරෝධතාකරුවන් පවසන්නේ පැය 24 ක් තුළ විසඳුම් ලබාදෙන බවට බලධාරින් පෙරේදා දිනයේ පොරොන්දු වුව ද මේ වනතුරුත් එය ඉටු නොවීම නිසා මෙලෙස මාරාන්තික උපවාසයකට යොමුවන බවයි.