Gossips

එල්.ටී.ටී.ඊ ය සමඟ සබඳතා පැවැත්වූ තවත් 14 දෙනෙකුට මෙරටට පැමිණීම තහනම්

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නොහැකි පුද්ගලයින්ගේ ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස කටයුතු කළ තවත් 14 දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 4 / 7 නියෝගය යටතේ මෙම පුද්ගල ලැයිස්තුව සංශෝධනය කර ඇති බවයි.
ශ්‍රී ලංකාවට ඇතුළු විය නොහැකි පුද්ගලයින්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් මුල්වරට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2012 වසරේදීයි.
ඒ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින්.
ඉන් අනතුරුව 2014 වසරේදී එම ලැයිස්තුව සංශෝධනය කළ අතර මේ වනවිට එම ලැයිස්තුවට පුද්ගලයින් 400 කට අධික ප්‍රමාණයකගේ නම් ඇතුළත් වනවා.