Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචනය යළි කැඳවීම අද

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලීමට නියමිතයි.
පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව, පිළිමතලාව, මහියංගනය සහ කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක ඊයේ විරෝධතා ද පැවැත්වුණා.
එමෙන්ම, ඥාණසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් කිහිපදෙනෙකු කොටුව – බෝධිය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 18 වනදා ගාල්ලෙන් ආරම්භ කළ අධිෂ්ඨාන පාගමනද ඊයේ රාත්‍රියේ කොටුව බෝධිය අසලට ළගා වුණා.