Gossips

පහරකෑමකින් හලාවත විදුහලක ශිෂ්‍ය නායකයෙකු රෝහලේ

සිසුන් පිිරිසක් සිදුකළ පහරදිමක් හේතුවෙන් හලාවත මැරවල – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන අතර එම සිසුවාට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේම සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.