Gossips

රුපියල පාවීමට ඉඩ හැරිය යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

රුපියල පාවීමට ඉඩ හැරිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි අගය ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව කටයුතු නොකළ යුතු බවයි මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන මැනුවෙලා ගොරෙටි මේ බව ප්‍රකාශ කළේ, රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 161 යි ශත 31 ක් ලෙස අද සටහන්වද්දියි.