Gossips

තැපැල් වර්ජනය අඛණ්ඩව – තැපැල්පතිගෙන් සේවකයන්ට දැනුම්දීමක්

වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සමඟ අද පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිය ඉල්ලීම් ලැබෙනතුරු තම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි.
මේ අතර වර්ජනය අවසන් කර තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙසට තැපැල්පති ඩී එල් පී රෝහණ ඉල්ලා සිටිනවා.
ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවයි තැපැල්පතිවරයා කියාසිටියේ.
තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි පළමුවනදා සිට 11 වනදා දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරන බව ද තැපැල්පතිවරයා දැනුම් දෙනවා.