Gossips

රයන් ජයලත්ට වරෙන්තු

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු කැඳවුම්කරු රයන් ජයලත්ට සහ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු සභාපති පබසර ධර්මරත්නට අද වරෙන්තු නිකුත් කෙරුණා.
ඒ, 2016 වසරේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
ඊට අදාළ නඩුව කොළඹ – කොටුුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර හමුවේ සළකා බැලූනු අවස්ථාවේ ඔවුන් දෙදෙනාට මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.