Gossips

යුරෝපා සංගමය ඇමරිකාව සමඟ ගැටේ

ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ඉහල පෙලේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ හෙට සිට මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති බවයි.
යුරෝපයෙන් ආනයනය කරනු ලබන ඇළුමිනියම් සහ වානේ සඳහා නව තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කටයුතු කළා.
ඊට ප්‍රතිචාර දක්වමිනුයි යුරෝපා සංගමය මෙලෙස ඇමරිකාවට එරෙහිව නව බදු පැනවීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව යුරෝපයට ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇති.