Gossips

විරෝධතා දෙකක් නිසා අඩි 100 මාර්ගය අවහිර වෙයි

විරෝධතා දෙකක් පැවැත්වීම හේතුවෙන් අඩි 100 මාර්ගය සූරියවැව නගරයෙන් මේවනවිට අවහිර වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ වන අලි ගැටළුවට විරෝධය පළ කරමින් මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාවක් පැවැත්වෙන අතර, අඩි 100 මාර්ගය සකස් කිරීමේදී වන්දි අහිමිවූවන් අනෙක් මංතීරුවේ විරෝධතාවක නිරතවන බවයි.
මේ හේතුවෙන් සූරියවැව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් අඩි 100 මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.