Gossips

ගිනි අවි සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

විශේෂ පොලිස් කණ්ඩායම 3ක් විසින් මොණාරාගල ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි හතරක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය,මැදගම සහ ඇතිමලේ යන ප්‍රදේශවලදී පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම් සිදු කර ඇති අතර කුමන හේතුවක් මත මෙම ගිනිඅවි සැකකරුවන් විසින් ලඟ තබාගෙන සිටියේ ද යන්න පිළබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල,වැල්ලවාය සහ සියඹලාණ්ඩුව යන මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.